අනුපුබ්බේන මේධාවි - ථොකථොකං ඛණේ ඛණේ
ථොකථොකං ඛණේ ඛණේ
කම්මාරො රජතස්සේව
නිද්ධමේ මල මත්තනෝ
(ධම්මපදය – මල වග්ගය)
රන් කරුවා
රිදී අභරණයෙහි මළ(කිලිටි) ටිකින් ටික ඉවත්
කරන්නා සේ ප්‍රඥාවන්තයා (වුවණැති තැනැත්තා) ටිකෙන් ටික ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා අනුපිළිවෙලින්
තමාගේ කෙලෙස් නැමැති මළ ඉවත් කර ගනී.
අනාදිමත් සංසාරයක සිට කෙලෙස් මළ වලින් කිලිටි වූ චිත්තයන් ක්ෂණයකින්
පිරිසිඳු කිරීම අපහසුය. එය පිරිසිඳු කල හැක්කේ මනා සිහිනුවණින් (සති සම්පජඤ්ඤයෙන්) යුතුව නිති පතා (ක්‍ෂණයක්, ක්‍ෂණයක් පාසා) සිතෙහි ඇතිවන ඇලීම ගැටීම දකිමින් ඒවා අඩුවන ආකාරයට කටයුතු කිරීමෙනි. මෙසේ සිහිනුවණින් යුතුව (සති සම්පජඤ්ඤයෙන්) වාසය කරන තැනැත්තාට මේ ජීවිත කාලය තුළදීම රාගයත් (ඇලීම) ද්වේශයත් (ගැටීම) ප්‍රහීන කොට නික්ලේශී භාවයට පත්විය හැකි බව තථාගතයන් වහන්සේ පැවසු සේක.
සිතේ ඇතිවන වෙනස් වීම දවසකට හෝ මාසයකට මෙපමණයි කියා දැකිය නොහැකි නමුත් වෑයේ
මිට භාවිතයේදී ගෙවී ගේවි යන්නේ කෙසේද එලෙස ක්‍රම ක්‍රමයෙන් කෙලෙස් ප්‍රහානය සිදු
වන බව පෙන්වා දී තිබේ. එනිසා කළයුතුව ඇත්තේ ප්‍රතිඵල අපේක්ෂාවකින්
තොරව කරගෙන යන ප්‍රතිපදාව නිතිපතා අත නොහැර දිගටම කරගෙන යැමයි.
